තඹ මැටිය පන්නරය එයි ගොරක රත අරන්
අළුදුමේ ගිණි අරං කුළුගෙඩියෙ හඬ අරන්
හීන්මැටි කිරිමැටිය ලෝහ දිය උණුකරන්
හිරමනේ දත් තරං ජීවිතය ඉස්තරම්
කවුරුවත් අහල නෑ ලං වෙලා මේතරම්
පීරක දත් මත්තේ ජීවිතය තනි පැත්තේ
කම්මල ඉස්මත්තේ පිපෙයි මල් අකමැත්තේ
පිත්තල තෝරා ගත්තේ, දන්නේ නෑ මම සත්තේ
අච්චු වල පණ ඇත්තේ, නැත්තේ ඇති මේ මත්තේ
S.ප්‍රබෝධනී
S.ප්‍රබෝධනී

me kawiya liyapu ekakda naththam jana kawiyakda
ReplyDelete