Monday 22 July 2019

සැරසිලි හා මෝස්තර

මහනුවර යුගය වන විට ‍ ජනප්‍රියව පැවති සැරසිලි මෝස්තර


  ඉර - සඳ


 හංස පූට්ටුව



 ලිය වැල්


පලා

අරිම්බුව

කිදුරංගනාව

වැන සියුම් මෝස්තර මෙම පිත්තල භාණ්ඩ වල කැටයම් කර ඇති අයුරු දැකගත හැක. එමෙන්ම කලාත්මක ලක්‍ෂණ වලින් යුත්

කුඩා බුලත් වංගෙඩි

 පිත්තල පහන්



 ආදිය විවිධ ඓතිහාසික යුග වලදී වානේකරුවන් විසින් නිපදවනු ලැබීය. එම භාණ්ඩ වලින් ඔවුන්ගේ තාක්‍ෂණික නිපුණතිවය පෙන්නුම් කරනු ලබන අතර, විවිධ ඓතිහාසික යුග වල ඒවාටම ආවේණික වූ ලක්‍ෂණ ද දැකගත හැකි වේ. බෞද්ධ හා හින්දු පන්සල් වල ද, ක්‍රිස්තියානි පල්ලි වල ද ඇති සීනු පිළිබඳව විමසිල්ලෙන් බැලුවහොත් ඒවා පිත්තල වලින් නිම කර ඇති බව දැකගත හැකි වේ.ඒ අනුව තැලීම සහ වාත්තු කිරීම මඟින්, රිදියෙන් හෝ තඹ වලින් ඉතා අනඟි කැටයම් සහිතව පිත්තල භාණ්ඩ නිර්මාණයට මහනුවර යුගය ඉතා ජනප්‍රිය වූ බව පෙනේ.

පිත්තල වැඩ

1. පිත්තල තහඩු කැටයම් කර්මාන්තය


2. පිත්තල වාත්තු කැටයම් කර්මාන්තය



තලන වැඩ හෙවත් තහඩු කර්මාන්තය





මේ සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය වනුයේ පිත්තල තහඩුය. එම තහඩු රැගෙන තමන් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තුවන භාණ්ඩයේ ආකෘතිය සකස්කර ගනී. එම ආකෘතියට අනුව තහඩුව කපා ඒ අනුව භාණ්ඩය නිෂ්පාදනය කරනු ලැබේ. එලෙස නිෂ්පාදනය කරන ලද භාණ්ඩයේ කොටස් සම්බන්ධ කරගන්නා ආකාර කිහිපයකි. ඇතැම්  භාණ්ඩවල එකට සවිකල යුතු කැබලි දෙක එකට නවා තලා ගැනීමෙන් භාණ්ඩය සකස් කර ගනී. තහඩු කාර්මිකයන් එය රිවට් කිරීම ලෙස හදුන්වයි. එසේම මේ සඳහා උපයෝගී කර ගන්නා  තවත් ක්‍රමයක් නම් වෑල්ඩින් ක්‍රමය වර්තමානයේ ඒ සඳහා බොහෝ ශිල්පීහු නවීන ක්‍රම හා උපකරණ යොදා ගනී.

වෑල්ඩින් කිරීම සඳහා යොදා ගන්නා  පිත්තල ද්‍රව්‍යයන් ඒ සඳහා ඔක්සිජන් වායුව මගින් ක්‍රියා කරන ලාම්පු උපයෝගී කරගනි. සම්ප්‍රධායික ක්‍රමයට අනුව ඒ සඳහා යොදා ගන්නේ පොල්කටු අඟුරුය. මෙසේ භාණ්ඩ රත් කිරීමෙන් පසුව බවුත් නම් උපකරණය මගින් පිත්තල කැබැල්ලක් යොදා එකට සම්බන්ධ කර ගනී. මෙසේ නිර්මාණය කරගන්න භාණ්ඩ දේශීය කැටයම් කලාවට අනුව කැටයම් කර ගනී. ඒවා ලියපොත, ගල්බිංදුව,අන්නාසි මල,හන්ස පූට්ටුව සඳකඩ පහණ  වැනි මෝස්‌තර වලින් කැටයම් කලාව පිළිබඳව ලෝක ප්‍රසිද්ධියක් මෙම ප්‍රදේශ වලට ලැබී ඇත. ඓතිහාසික ඇම්බැක්ක දේවාලයේ කැටයම් කලාව අප රටේ විශිෂ්ට නිර්මාණ අතුරින් එකකි. කැටයම් කලාවේ ආදී කලා නිර්මාණයන් පිළිබඳව ශ්‍රී ලංකාව දක්වන්නේ අති  විශිෂ්ට දක්ෂතාවකි. ඒ නිසා පිත්තල භාණ්ඩ නිෂ්පාදකයින් කාර්මික ක්ෂේත්‍රයේ මෙන්ම කලා ක්ෂේත්‍රයේ ද දක්වන්නේ ඉතා ලැදි කමක්  සහ දක්ෂතාවකි. මෙලෙස නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ වෙළඳ පොලේ සුලභව දක්නට ලැබේ. බන්දේසි මුහුණත් තහඩු, කිල්ලෝට, හෙප්පු,ඉර හඳ කෙටූ  බිත්ති සැරසිලි විදුලි  ලාම්පු  ආදිය විශේෂිතය. මෙවැනි භාණ්ඩ කැටයම් කිරීමේදී භාවිත කරන ක්‍රම දෙකකි.

1. භාණ්ඩ විනිවිද පෙනෙන ලෙස කැටයම් කොටස ඉවත් කල ක්‍රමය
2. භාණ්ඩ සිදුරු නොවන සේ කැටයම් දීම

විනිවිද පෙනෙන  ලෙස කැටයම් කරන ලද භාණ්ඩ අතර විදුලි ලාම්පු ආවරණ සහ විසිත්ත කාමර අලංකරණ බිත්ති සැරසිලි ආදී විවිධ භාණ්ඩ වර්ග වර්තමානයේදී දැකිය හැකිය. සිදුරු නොවන අයුරින් කැටයම් පමණක් නෙලන ලද භාණ්ඩ අතර බන්දේසි, ඉර හඳ කෙටූ  බිත්ති සැරසිලි, කුසලාන, පැරණි හෙප්පු සහ කිල්ලෝට වැනි භාණ්ඩ වේ. මෙම ක්‍රම දෙකම පදනම් කරගෙන කැටයම් කරන ලද භාණ්ඩ ඔප දැමීමෙන් විසිතුරු භාණ්ඩ බවට පත් කර ගනී.  අලෙවිය සඳහා භාණ්ඩ නිකුත් කරනු ලබන්නේ මෙලෙස ඔප දැමීමෙන් අනතුරුවය. උඩු නුවර ප්‍රදේශයේ පිත්තල තහඩු කර්මාන්තයේදී යෙදෙන්නේ සුළු පිරිසකි.


වාත්තු කර්මාන්තය




වාත්තු කිරීම කරනුයේ, වාත්තු කර්මයේ දක්ෂ වැඩ කරුවන් විසිනි. එමෙන්ම, මිටියෙන් තලා භාණ්ඩ නිපදවීම හා කැටයම් කෙටීම වානේ කර්මාන්තයේ නිපුණතාවයකින් යුත් කැටයම් කරුවන් විසින් කරනු ලැබීය. පිත්තල මගින් නිර්මාණය කර ගන්නා ලද භාණ්ඩ රැසක් අපට දැක ගත හැකි වේ. දොර අඟුල්, සරනේරු සහ යතුරු කැරැලි ආදී කුඩා උපකරණ වල සිට බන්දේසි, පහන්, ගිර, හුණු කිල්ලෝට ආදී භාණ්ඩ දක්වා සෑම භාණ්ඩයකම පාහේ සංකීර්ණ විවිධ හැඩයන් සහ මෝස්තර නෙළා ඇත. දුම්කොළ හෙප්පු සහ බුලත් හෙප්පු ආදිය තඹ සහ රිදියෙන් කැටයම් කර තිබේ. බොහෝ විට මෙම භාණ්ඩ කැටයම් කර තිබෙන්නේ සාම්ප්‍රදායික මෝස්තර වලිනි.
පිත්තල භාණ්ඩ නිෂ්පාදකයින් බහුලව යොදා ගන්නේ වාත්තු ක්‍රමයයි. වාත්තු ක්‍රමය බහුලව යොදා ගැනීමට හේතු වූ කරුණු

1. වාත්තු ක්‍රමය මගින් සීමා රහිත භාණ්ඩ ප්‍රමාණයක් නිෂ්පාදනය

2. වාත්තු භාණ්ඩ සඳහා අධික ඉල්ලුම

3. තහඩු කර්මාන්තයට  සම්බන්ධ ශිල්පීන් සීමා සහිත වීම

4. වාත්තු වැඩපල ශිල්ප ක්‍රම කිහිපයක් තිබෙන බැවින් ඉන් එකකට හෝ යොමු වීමට හැකියාව පැවතීම.

5. වාත්තු වැඩ සඳහා නවීන උපකරණ යොදා ගැනීමට හැකි වීම.

         වාත්තු ක්‍රම 

  • පස් වාත්තුව 
  • ඉටි වාත්තුව 
  • ඩයි වාත්තුව


ශ්‍රී ලංකාව තුළ ලෝහ කර්මාන්තය ස්‌ථාපිත වීම  


විජයාගමනයත් සමග ලංකාවේ කලාශිල්ප පැවැත ගෙන එයි. ඇතැම්  ලේඛනවලට අනුව දකුණු ඉන්දියාවෙන් පැමිණි විශ්ව කර්ම නම් ගෝත්‍රිකයන් ලක් ආභාෂය මත උඩරට කලාශිල්ප කටයුතු ආරම්භ වී ඇත. හින්දු ජනවංශයට අයත් කර්මාන්ත සතරක් එනම් ඔටුනු පට්ටල, ආභරණ පට්ටල,සිංහාසන පට්ටල හා රන්කරු පට්ටල වේ. යුද්ධායුධ සෑදීම නාගරික අනෙකුත් කර්මාන්ත ද යටකී මෙම පට්ටල් සතරද කොට්ටල් බද්දට අයත් විය. කොට්ටල් බද්දට අයත් කර්මාන්ත විවිධ දිශාවන්හි පිහිට වුවද මෙම පට්ටල් හතරට අයත් කර්මාන්ත රාජකීය භාණ්ඩ සැදීම සඳහා රජවාසල අසල ස්ථානගත කර තිබුණි. ඒ ඒ පට්ටලයට අයත් එක අචාරී කෙනෙකු බැගින් වූ අතර මෙම සතරටම මුලිකයා වන්නේ මුලාචාර්ය වරයාය. ඔහු බ්‍රහ්ම පරම්පරාවකට අයත් වුවත්  විශ්ව කර්මයාගේ මුඛයෙන් බිහි වූ බැවින් විශ්ව  කර්ම තන්ත්‍රිකයන් වන බවද වේදයේ දක්වා ඇතැයි වෛජයන්ති තන්ත්‍රයේ සඳහන් වේ.

නවන්දණ්ඩ කුලය රන්, රිදී,පිත්තල යකඩ ආදී කර්මාන්තවල නියැලෙන පාරම්පරික  කලා   ශිල්පීන්ගෙන්  යුක්ත බව ජනවංශයට අනුව පැහැදිළි  වේ.  උඩරට ප්‍රදේශය තුළ නවන්දණ්ඩ  කුලය ඒකරාශී වී සිටින්නේ තලාගම් ආශ්‍රිතවයි. ගම්පොල හා මහනුවර රාජධානි පදනම් කරගෙන රජවාසල හා විහාර දේවාල කටයුතු සඳහා කලාකරුවන් ඒ ආශ්‍රිතව පදිංචි කරවා ඇත. මේ කළා ශිල්පී ගම්මානයන් හි කෘෂිකර්මය ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වුවද රාජකාරිය වූයේ කලාශිල්පිය කටයුතුය. විහාර ගම්, දේවාල ගම් රජු විසින් පවරන ලද ඒවා අතර ඒවායෙහි නින්ද ගම් වල කලා ශිල්පීහු පදිංචි වුහ. සීමිත ජන කොටසකට ශිල්පීය කටයුතු සිමා වීම නිසා බහුලතාවෙන් අඩු   කර්මාන්තයක්  වුවද පුළුල් හා උසස් වෙළඳ පොලක් උඩරට කලාශිල්පින්ට ඇත. කෙසේ වෙතත් මෙලෙස සුළු කමාන්ත පරිහානියට පත් වීමත් සමග යලි නගා  සිටවිමට  පියවර රැසක් ගන්නා  ලදී. සංස්කෘතික වශයෙන් හා විදේශීය විනිමය උපයන භාණ්ඩයක් වශයෙන් කලාකෘති  අගය වැඩිවත්ම සමාගම් හා ආයතන කර්මාන්ත රැකීමට ඉදිරිපත් විය. ඒ අනුව ජෝන් එන්. ඩික්සන් නම් මහනුවර  දිසාපතිවරයා විසින් උඩරට කලා  සංගමය අරඹන ලදී. 1946 දි  සීමාසහිත  ලංකා එක්සත් කලා  ශිල්පීය සංගමය පිහිටුවන ලදී. 1951 දි හස්ත කර්මාන්තයන්ගේ සමූපකාර සමිතිය ගිරාගමදී පිහිටුවන ලදී. මීට අමතරව රජයේ අනුග්‍රහය ලත් ලක්සල වෙළඳ සංවිධානයද මහනුවර කලා සංගමයද උඩරට කලා  ශිල්ප කටයුතු වලදී අත  දෙන ආයතන වේ. මෙසේ කොතෙකුත් ආයතන බිහි වුවද කර්මාන්තය පරිහානියට යා නොදී රැකගත හැක්කේ කලා ශිල්පීන්ට පමණි. කෙසේ වෙතත් සතර කෝරලය,සත්කෝරළය,මාතලේ,උඩපළාත, සබරගමුවේද පැතිර පැවති  කලා ශිල්පය පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන පැවැත එන අයුරු දැක ගත හැකිය. මහනුවර දිස්ත්‍රික්කයට අයත් පාරම්පරික කර්මාන්ත ගම්මාන කිහිපයක් මෙහි දැක්වේ. 

  • කිරිවවුල  -   පිත්තල වාත්තු
  • ගඩලාදෙණිය  -   පිත්තල වාත්තු 
  • දන්තුරේ -   පිත්තල කැටයම් 
  • අරත්තන      - පිත්තල වාත්තු කැටයම් 
  • උල්දුපිටිය     -   රිදී පිත්තල කැටයම් 


පිත්තල කර්මාන්තයේ විකාශනය

පොළොන්නරු යුගය


වාස්තු විද්‍යාත්මක මූලාශ්‍ර වලට අනුව 06 වෙනි ශත වර්ෂයේ සිට විකසනය වෙමින් ආ යකඩ හා වානේ කර්මාන්තය 12 වෙනි ශත වර්ෂයේ පොළොන්නරු යුගය වන විට වානේ නිෂ්පාදනය දක්වා ව්‍යාප්ත විය. වානේ හා තඹ වලින් නිර්මාණය කළ,

කතුරු
ස්කැල්පල(සැත්)
අඬු සහ
ඉඳිකටු
ආදී ශල්‍ය උපකරණ සමහරක් පොළොන්නරුවේ ආලාහන පිරිවෙන් කැනීම් වලදී සහ මිහින්තලේ රෝහල් භූමිය ආශ්‍රිත කැනීම් වලින් සොයා ගෙන ඇත.

මහනුවර යුගය


මහාවංශ වාර්තා වලට අනුව මහනුවර යුගයේ සිට ලෝකඩ හා පිත්තල භාන්ඩ නිෂ්පාදනය විකසනය වූ බව දැක්වේ. පසු කාලීනව ඉන්දියානු වානේ ශිල්ප තාක්ෂණයේ බලපෑම හා ආභාසය ශ්‍රී ලංකානු වානේ කරුවන්ට ලැබිණි. පිත්තල භාණ්ඩ සහ වානේ මිශ්‍ර කර්මාන්ත වලදී ඉන්දියානු විධි ක්‍රම භාවිතා කර ඇත.දෙවන ලෝක යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය වර්ධනය වීමත් සමඟ ම පිත්තල භාණ්ඩ නිෂ්පාදනය ද වර්ධනය විය. එයට හේතු වූයේ පිත්තල සැමරුම් හා තෑගි භාණ්ඩ වලට ලැබුණු ඉහළ ඉල්ලුමයි. එම කාලයේ සැමරුම් ලෙස බහුලව භාවිතා වු පිත්තල භාණ්ඩ අතර,

පිත්තල බන්දේසි
බිත්ති ඵළක
විසිතුරු සත්ත්ව රූප
පාත්‍ර
බදුන් සහ
පෝච්චි ආදිය ප්‍රධාන විය.

පිත්තල කර්මාන්තයේ ආරම්භය




පිත්තල කර්මාන්තය වූ කලි ලෝහ කර්මාන්තය ආශ්‍රයෙන් ගොඩ නැගුණු වෙනත් කර්මාන්තයකි.මානව පරිණාමයත් සමගම ලෝහ කර්මාන්තයේ විකාශනය පිළිබඳව විවිධ පර්යේෂකයෝ තොරතුරු සොයා ගත්හ.
 මානව ශිෂ්ටාචාරයේ වර්ධනයත් සමගම ලෝහ කර්මාන්තය පහළ  විය. ලැබී ඇති සාක්‍ෂි වලට  අනුව අතීතයේ මිනිසා යම් පමණින් හෝ ලෝහ කර්මාන්තය සම්බන්ධයෙන් දැන  සිට තිබේ. අප්‍රිකානු ජනයා තඹ වලින් දක්‍ෂ ලෙස වැඩ කිරීමට දැන  සිටියහ. ලෝකඩ ප්‍රතිමා තනන්නට ඊජිප්තු ජනයෝ දැන  සිටියහ. ඉන්දු නිම්නයේ ලෝකඩ හා රිදියෙන් පිළිම තනන ලදී. හොවැන්හෝ මිටියාවතේ තඹ, ඊයම්,ලෝකඩ හා රන් යන  ලෝහ වර්ගයන්ගෙන් විසිතුරු භාණ්ඩ හා ප්‍රතිමා  තනන ලදී. මේ සියල්ල මානව ශිෂ්ටාචාරයේ ආරම්භයත් සමග සිදු වූ හාස්කම් ලෙස සැලකිය හැකිය. 
යකඩ පිළිබඳ දැනුම භාරතයේ ඇති පුරාතන යුගයට අයත්ය රන්,රිදී,යකඩ,ඊයම්,තඹ සහ බෙලෙක් යන ලෝහ වර්ග ගැන වෛදික සමයෙහිද දැන  සිටියෙන් වෛදික සාහිත්‍යයෙහි සඳහන් වෙයි. මෙගස්තිනිස් මීට පසු යුගයකදී මේ ලෝහ පැවති  බව සඳහන් කරමින් මේ ලෝහ “ප්‍රොයෝජනය සහ අලංකාරය සඳහා වූ භාණ්ඩ මෙන්ම මෙවලම් හා යුද්ධෝපකරණ ද සැදීම සඳහා භාවිත කරන ලදැයි.” යි කියයි. යකඩ සැදීමෙහි හා එයින් භාණ්ඩ තැනීමේ ද වානේ සෑදීමෙහි  හා  පණ  පෙවීමෙහිද දක්ෂතාවක් පුරාණ  හින්දූන් තුළ පැවති  බවට බොහෝ සාක්ෂි තිබේ. භාරතීය වානේ ඇති පුරාණයේ පටන් ප්‍රසිද්ධියට ටෝලදෝ තල ප්‍රසිද්ධියට පත් වීමෙන් පවා තම ශ්‍රේෂ්ටත්ව රැක ගත දමස්කයේ තල ඇත්ත වශයෙන් භාරතීය යකඩෙන් නිමවන ලද්දේය. සේනාධිපති යූල් විසින් ඔප්පු කරන ලද පරිදි මාර්කෝ පෝලෝගේ චාරිකා විස්තරයෙහි එන ඔන්ඩනික් යන්නෙන් මුලදී අබිමත වුයේ භාරතීය වානේය. ඒ වචනය භාරතීය වානේ යන අර්ථවත් පර්සියානු හුන්ඩවානි යන්නේහි විකෘතියකි. මේ වචනයම ස්පාඤ්ඤයට  පැමිණියේ අල්හින්ඩ් සහ අල්ෆ්රින්ඩ් යන හැඩහුරුකමිනි.  මුලදී එහි අර්ථය වුයේ වානේ යනුයි. පසුව වානේ කැඩපත යනුද අවසාන වශයෙන් වීදුරු කැඩපතක තුනී ලෝහ කොලය යනුද එහි අර්ථය විය. මාර්කෝ පොලෝ සඳහන් කරන කර්මාන්ත ඔන්ඩනික් යන්නට ඒ නම යෙදුනේ එහි ශ්‍රේෂ්ටත්වය නිසාය. තවද පසලොස්වෙනි හා සොලොස්වෙනි සියවස් වලදී තුර්කින්  විසින් කිර්මාන් කදු බෙහෙවින් ප්‍රර්ථනා කරන ලද්දේය. ඔව්හු ඒ සඳහා අධික මිල ගෙවූහ. භාරතීය වානේ අබිසිමියන් වරාය වලට ගෙන් වූ බව අරියන් කියයි. මෙතෙක් ශේෂව පවත්නා ග්‍රීක ග්‍රන්ථ අතර භාරතීය වානේ පණ  පෙවීම පිළිබඳ ග්‍රන්ථයක් වේ යයි සැල්මසින්ස් සඳහන් කරයි. 
භාරතයේ ශේෂව පවත්නා ස්මාරකයන් අතුරෙන් ඇති ශ්‍රේෂ්ටත්වය හිමි වන්නේ දිල්ලියේ පිහිටි චන්ද්‍රගුප්තයන් ගේ නිර්මිත යකඩ කුළුනටයි. එය ටොන් දහයක් බරය. සවුරුදු එක්දහස් පන්සියයක් පැරණිය.මේ කුලුන සම්බන්ධයෙන් පර්ගියුසන් මෙසේ කියයි. “යුරෝපයෙහි වුව බොහෝ පසු යුගයක තැනුවා වූද මෙකල පවා කලාතුරකින් තනන්නා වුවද යකඩ කුලුණකට වඩා විශාල යකඩ කුළුණක් තැනිමෙහිලා හින්දුන් තුළ ඒ (පුරාණ ) කාලයේ පැවති දක්ෂ භාවය දැකීමෙන් අප විස්මයට පත් වන්නේ මෙබන්දක් බලාපොරොත්තු නොවූ බැවිනි. . . තුදුස් සියස් වසක් සුළඟට හා වැස්සට මුහුණ දෙමින්  පැවති මෙය මලකඩ නොබැඳි පැවැත්ම එපමණම පුදුම සහගතය.” තුදුස් සිය වසකට පෙර එය පිහිටුවන ලද කාලයෙහි මෙන්ම එහි කුළුණු හිස හා ලියවිල්ල තවමත් පැහැදිලිවත් මනහරවත් පවතී. පුරියෙහි විශාල යකඩ බාල්ක සොම්නාලියෙහි සැරසිලි වාසල් දොරටු සහ නර්වර්හි පිහිටි අඩි විසිහතරක් දිග යකඩ තුවක්කු වැනි හින්දුන්ගේ  ලෝහ කර්මාන්තය පිළිබඳ සුරත්වයට දෙස් කියන තවත් ස්මාරකයන් ඇත්තේය.
ආනන්ද කුමාරස්වාමි මහතා   ‘ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ කලාශිල්ප’ යන ග්‍රන්ථයෙන් දක්වන අන්දමට වෛදික යුගයේ ජිවත් වූ ඉන්දීය  ජනයා නොයෙකුත් විසිතුරු භාණ්ඩ නිපද වූ බැවින් ලෝහ විද්‍යාව පිළිබඳව ඉන්දීය  දැනුම  පෘථුල  හා ඉතා පැරණි බව කිව හැකිය. අතිවිශිෂ්ට වානේ කැටයම් තාන්ජෝරය දකුණු ඉන්දීය අනෙක් ප්‍රදේශ වල සම්පුර්ණව   තිබිණි.  නමුත් වර්තමානයේදී දක්නට නොලැබෙන තත්වයට පත්ව ඇත. රජපුතනාවේ යුද්ධ ආයුධ තනන්නන් තවමත් එම කාර්යයෙහි නියැලෙන බව සඳහන් වේ. 



තාක්ෂණය හා අත්කම් ශිල්පය








පාරම්පරික ශිල්පීන් සතු ව තිබුණු තාක්ෂණ ඥානය හා කලාත්මක ප්‍රවණතාව විශිෂ්ට වූ බව ඔවුන්ගේ නිර්මාණ පිළිබද ලැබී ඇති සාක්ෂ්‍ය වලින් මනාව පැහැදිලි වේ.විශාල විහාර දාගැබ්,වැව්,වාත්තු වැඩ,මුර්ති,කැටයම්,සිත්තම් මේ ආදී විශාල විහාර හා සුලු පරිමාණ කර්මාන්ත විෂයෙහි පාරම්පරික ශිල්පීන් එකල නිර්මාණ කාර්යයන්ට උචිත වූ තාක්ෂණ විධි යොදා ගෙන උසස් නිමාවක් තම නිපැයුම්වලට ලබාදුන් අයුරු ප්‍රත්‍යක්ෂ වේ.මෙම දක්ෂතාව එම ශිල්පීන් හිමි කරගෙන ඇත්තේ පාරම්පරික ශිල්පීය පුහුණුව නිසා පමණ්ක් නොව ශිල්ප ශාස්ත්‍ර හා එ සම්බන්ධ විද්‍යාත්මක අධ්‍යපනයක් ලත් නිසාය.එහෙත් එම තාක්ෂණ ඥානය හා එහි ප්‍රායෝගික භාවිතය එකල භාණ්ඩ හෝ නිෂ්පාදන ජනිත කිරීමට සරිලන සීමිත ආකාරයක් ගත් බව ද නිගමනය කළ හැකිය.

අතීතයේ සීමිත ජන සමාජයකට-වෙසෙසින් උසස් යයි සම්මත වූ සමාජයට - අවශ්‍ය විස්ශේෂ භාණ්ඩ වර්ග නිපදවා පිළිගැන්වීම දක්ෂ ශිල්පීන්ගේ පරමාර්ථය විය.නමුත් අප රටෙහි වර්ඨහමානයේ ඒම සමාජ තත්වයවත් ඒ ආකාරයේ සීමිත ඉල්ලුමක්වත් එබඳු ශිල්පි පරපුරක්වත් අපේක්ෂා කළ නොහැකිය.භින්නරුචිකත්වය අනුව මෙහෙයවන ලද ශීඝ්‍රයෙන් වැඩි වී යන ජන සමාජයක වාර්ෂිකව වැඩිවන විදේශික ගැනුම්කරු පිරිසකගේ ඉල්ලීම සපුරාලීමට සමත් අත්කම් නිෂ්පාදන ක්‍රමයක් හා ඒහි ක්‍රියාත්මක කිරීමට යුහුසුලු වූ කාර්යක්ෂම ශිල්පි සංවිධානයක් අවශ්‍යව ඇත්.මේ අලුත් අවශ්‍යතා හා වැඩිවන ඉල්ලුම සපුරා ලීමට කැමැති,එහෙත් පිළියෙල වීමක් නොමැත් පාරම්පරික ශිල්පීහු අභියෝග කිහිපයකට මුහුණ දීමට සැරසෙත්.මූලික බාධාව නම් කර්මාන්තයක් පවත්වා ගෙන යෑමට අවශ්‍ය දැනුම නොමැතිකමයි.භාණ්ඩ කිහිපයක් තනා මුදල් ලනා ගන්නා ශිල්පීන්ට තොග වශයෙන් භාණ්ඩ දහස් සංඛ්‍යාත ඇණවුම් සැපයීමට හැකියාවක් නොමැතිකම බලපායි.ඒ සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ලබා ගෙන විවිධ ශිල්පීය හැකියාවන් ඇති කර්යය සාධක සේවකයන් නොමැතිකම බ්ලපායි.ඒ සඳහා අව්ශ්‍ය යන්ත්‍රෝපකරණ ලබා ගෙන විවිධ ශිල්පීය හැකියාවන් ඇති කාර්යයසාධක සේවකයන් යොදා කළමනාකරුවන්ගේ උපදෙස් අනුඅව නිෂ්පාදන වේගය ද ශිඝ්‍රයෙන් වැඩි කර ගැනීම සිදුකර ගත යුතුයි.මේ සඳහා තාක්ෂණ ඥානය අවශ්‍ය වේ. 

ලංකාවේ පාරම්පරික අත්කම් කර්මාන්ත පාදක වූ වේවැල්,පන්,උණ බට ආදී ද්‍රව‍යවලින් සාදන භාණ්ඩවාල ගුණාත්මක අගය හීනමීම නිසා ඒවාට උචිත මිලක් හා මිලදී ගැනීමේ රුචියක් හිමිකර ගැනීම දුෂ්කර වී ඇත. පන් හෝ වෙවැල් අමුද්‍රව්‍ය ස්වරූපයෙන් ම යොදා භාණ්ඩ සාදා වෙළඳ පොලට තබා ලබා ගන්නා සුලු මුදලෙන් දුප්පත් ශිල්පි පවුල් සෑහීමට පත් වේ.එහෙත් මනා තාක්ෂණයක් යොදා අවශ්‍ය යන්ත්‍රීකරණයට භාජනය කොට අමුද්‍රව්‍ය පිරිසිදු කරගත හොත් නිශ්පාදන භාණ්ඩවල මිල වැඩිකර ගැනීමද, ඉල්ලුම දියුණු කර ගැනීමද නිතැතින්ම සිදු කර ගත හැකිය.පාරම්පරික ශිල්පයකට යන්ත්‍ර භාවිතය නොගැලපේයයි යන දුර්මතය දුරුකොට ඒ මගින් පොදු සේවා පහසුකම් සලසා ශ්‍රම හා අමුද්‍රව්‍ය සැකසීම තුලින් ශිල්පීන්ගේ කර්මාන්ත ප්‍රගතියට මග පාදා ගැනීම ගෝග්‍ය වේ.වාත්තු කැටයම් ආදී ලෝහ කර්මාන්තවලින් නිපදවනු ලබන භාණ්ඩ උසස් ම්ට්ටමකින් පවත්වා ගෙන යෑම සඳහා පාරම්පරික තාක්ෂණ ක්‍රම පමණක් යොදා ගැනීම ප්‍රමාණක් යොදා ගැනීම ප්‍රමාණවත් නොවේ.ව්ම භාණ්ඩවල ගුණාත්මක තත්ත්වය ආරක්ෂා කර ගැනීම අවශ්‍ය වන්නේ විදේශගත කරන භාණ්ඩ ගුණාත්මක පාලනයකට ලක්වන හෙයිනි.ඒ නිසා ඒද්‍යාත්මක පදනමක් මත ලෝහ වාත්තු හා කැටයම් කර්මාන්ත පවත්වාගෙන යෑම පිණිස පාරම්පරික ශිල්පි පවුල්වල සාමාජිකයන්ට පුහුණුවක් දිය යුතුයු.විදේශික විශේෂඥයන්ගේ සහභාගිත්වයන් ශිල්පීන්ට අවශ්‍ය උපදෙස් හා පුහුණුව ලබදීමේ කාලය දැන් පැමිණ තිබේ.

ලක්සල වැනි උස්ස් අලෙවි සලකට සපයන ඇතැම් ලෝහ භණ්ඩ හා වෙනත් භාණ්ඩ වර්ගද ගුණත්මක මිමිවලින් බලන විට ඌනතා දක්වන අවස්තා ඇති බව අස්න්නට ලැබේ.මෙය ඉතා ශෝචනීය කරුණකි.විදේශිකයන්ගේ අතට එවැනි භාණඩ පත්වීමෙන් ලංකාවේ ශිල්පීන්ගේ හොඳ නමටත්,ශ්ල්පයටත් කැලලත් වේ තත්ත්වය ඇති නොවීමට නම් මනා පුහුණුවක් හා ශික්ෂණයක් හිමිකරගත් ගුණාත්මක තත්ත්ව නම් මනා පුහුණුවක් හා ශික්ෂණයක් හිමිකරගත්ගුණාත්මක තත්ත්ව පාලනයක් අනුව භාණ්ඩ නිපදවන ශිල්පපරපුරක් බිහි කල යුතුය.

ස්වර්ණාභාරණ පාරම්පරික ආකාරයට නිපදවීම වැදගත් ශාස්ත්‍රීය සිල්පයක් ලෙස රාජාමාත්‍යාදීන්හේ ප්‍රසාදයට ලක් වී ඉන් ශිල්පාචාරීන්ට උඅසස් තානතුරු හා ආර්ථික ලාභ අත් වූ බව පෙන්වා ගෙන ලදී.එහෙත් දැන් ශිල්පි පවුල් රාශියක්ම උඩරට හා පහතරට ගම්වල නියුතුව ජීවිකාවක් ලෙස තනා විකුණන්නේ සංචාරකයන් හා ස්වදේශීය බල පරපුර ප්‍රිය කරන නව පන්නයේ රන්,රිදී,මැණික් යොදා නිපදවන විවිඩ්ධ ආභරණ ඒකාකාර ගුණාත්මක තත්වක යෙදෙන ශිල්පි පවුල් නිපදවන  භාණ්ඩ ඒකාකාර ගුණත්මක තත්ත්වයක නොපවත්නා නිසා උචිත නියම මිල ක්‍රමයක්වත් ක්‍රමානුකූල නිෂ්පාදන හා විකිණීම් සැලැස්මක්වත් ක්‍රියාත්මක නොවේ.තරඟකාරී වෙළද පොළේ මිල උස් පහත් කොට විකිණීමෙන් ශිල්පීහු ප්‍රමාණවත් ආදායමක් ලබා ගනිත්.එහෙත් මේ නව රන්,රිදී ආභරණ ඉල්ලුම සපුරා ලීම සඳහා ක්‍රමවත් තාක්ෂණ විධි යොදා ශිල්පි පවුල්වල ආධුනිකයන්ට නියැලි ශිල්පි පවුල් රැසටම ප්‍රවීණතාව,මෝස්තර සිපදවීම,ආර්ථික ප්‍රථිලාභ අතින් විශාල සෙතක් සැලසෙනු නොඅනුමානය.පාරම්පරික ශිල්පීන් පවා අලුත් නිර්මාණ නිපදවීමද වෙනත් මෝස්තර ඇතුළු කිරීමද ක්‍රමානුකූලව උගත යුතුය.දුප්පත් ශිල්පි පවුල්වල ආර්ථික තත්වය නහා සිටුවීමට අලුත් නිෂ්පාදන නිපදවීමේ හැකුයාව සොයා බලා හඳුනා ගත යුතුය.එබඳු නව නැම්මක් අනුව භාණ්ඩ නිෂ්පාදනයෙන් එහි අලෙවියට විශාල දිරි ගැන්වීමක් ඇලසේ.එම නුසා කුඩා කර්මාන්ත පවත්වා ගෙන යන ශිල්පි ප්වුල් විශාල සංඛ්‍යාවකට මෙසේ තම පාරම්පරික දැනුම හා දස්කම් නව මගකට යොමු කර ගැනීමේ භාග්‍යය උදා වනු ඇත.



Sunday 21 July 2019

උඩරට පාරම්පරික ශිල්පි පවුල්

ලංකාවේ නොයෙකුත් පළාත්වල විසිරී ජීවත්වන ශිල්පි පවුල්වල සම්පූර්ණ ඉතිහාසයක් ලේඛනගත කිරීම කිසිසේත්ම පහසු නොවේ.සමහර අග්‍රගන්‍ය ශිල්පීන්ගෙ පසුකාලින පරම් පරා ශ්‍රේණිය පවා සොයා ගැනීම අපහසු වී ඇත.ශේෂ වී ඇති පරම්පරාවලට අයත් සමහර තරුණ තරුණියෝ පරම්පරාගත ශිල්ප වෘත්තිය අත්හැර වෙනත් රැකියාවල නිරත වී සිටිති.දැනට ශිල්පීන් වශයේ පාරම්පරික වෘත්තීන් වල නියැලී සිටින ආර්ථික පීඩාවලට මුහුණ දෙමුන් ජීවත් වෙති.පාරම්පරික තාක්ෂණ ක්‍රම පවා කෙමෙන් අභාවයට ගොස් ඇතත් පාරම්පරික අගය නිසා තම වෘත්තියටකැප වී වැඩ කටයුතු කෙසේ හෝ පවත්වා ගෙන යෑමට ඔවුහු වෙහෙසෙ වෙති.

පවුලේ අය පවුල් ප්‍රධානියා වූ ශිල්පියාට ඒ ඒ කටයුතු කිරීමට සහය වීම එදා සිටම පැවති සිරිතකි.සහයෝගයෙන් කටයුතු කිරීම ශිල්පි පවුල් බැඳී සිටීමේ ආදර්දවත් පුරුද්දකි.පිත්තල වැඩ කරන මහනුවර පළාතක ගෙදර පිරිමි ශිල්පීන් බර වැඩ කොටස කරන අතර භාර්යාව හා දියණියෝ භාණ්ඩ නිම  කිරීමේ කටයුතුවල දී සහය වෙති. මාතලේ හපුවිද ,උණවේරුව,දෙහිදෙණිය,මල්නෑව යන ගම්ව්වල අතීතයේ සිට ආවේනිකව පැවත් ඒන කර්මාන්තය වන ලාක්ෂා වැඩ,අවුඅතු සැඇදීම,කැටයම් වැඩ,නියඳ රටා විවීම අද පවුලේ සෑම  දෙනාගේම සහභාගීත්වයෙන් රැකීඉ පවතින පවුල් අත්කම් ලෙස ගැඹේ.මෙසේ මුලු පවුලේ ම සාමුහික කටයුත්තක් ලෙස ඔවුන්ට සීමා වූ පැරණි කලා ශිල්ප ඔවුන් අතරම ආරක්ෂිතව පැවතී ඇත.

ශිල්පීන් වෙනත් පළාත්වලට ගොස් වෙන ගමක කර්මාන්ත කටයුතු ඇරඹීම ද සිදු වී ඇත.උඩරට විසූ ශිල්පීන් වෙනත් පළාත්වලට ගොස් තම කර්මාන්ත පවත්වා ගෙන යැඇමට පෙළඹුනේ රජවරුන් විසින් ඔවුන්ගේ දක්ෂකම් වලා සරිලන ඉඩම්,ගවයන්,ඇතුන්,ගම්වර ආදී සම්පත් ඔවුන්ට ප්‍රධානය කළ නිසාය.කෑගල්ල.මාවනැල්ල,මහනුවර පෙදෙස්වල විසූ පට්ටල් හතරේ නිල දැරෑ ශිල්පීන් එක ගමකින් වෙන ගමකට ගොස් ඥති සම්බන්ධකම් ඇත් කරගත් බවත් ඔවුන්ගේ පෙලපත්වල ඒ ඒ කර්මාන්ත වලට විශිෂ්ඨ දක්ෂක්ම් පෑ ශිල්පීන් සිටි බවත් සන්නසි පත්‍රවල දැක්වෙන ගමේ නම,නිල නම ආදී විස්තර වලින් සාක්ෂි සැපයේ.

දකුණු පළාතෙහි හම්බන්තොට පිහිටි පුවක්දණ්ඩ නම් ගම පැරණි යේ සිට පාරම්පරික කලා  ශිල්පි පවුල් නිවැසි ප්‍රසිද්ධ ස්ථානයක් ලෙස ප්‍රකට වේ.ලෝකුරු ශිල්පීන්ගේ මූලාරම්භය එහි ඇති වූ බවට සාධක ඇත.තම පළාතෙහි වැඩ කර්මින් ආර්ථික ලාභ ප්‍රයෝජන නොලැබුණු අශ්ව කෝච්චි සෑදීමේ කටයුතුවල යෙඳුණු බව දැන ගන්නට ලැබිණි.මෙබදු ශිල්පීන් මහනුවර දක්වා ගොස් වෙළෙඳුන් සමඟ එකතු වී පෙරහැර සමයේ තම භාණ්ඩ විකුණමින් ඉන් පසුව සමහර ශිල්පීන් මහනුවර අවට පදිංචි වන්නට ඇත.

ප්‍රධාන පාරම්පරික ශිල්පි පවුල කිහිපයක් වර්තමාන ඥාතීන් සතු කලා භාණ්ඩ සන්නස් පත්‍ර පළඳනා ආදිය ද ඔවුන්ගේ නැසීගිය යටගියාව සාඩම්බර ලීලාවෙන් හෙලිදරව් කරයි.ගෘහ නිර්මාණ ශිල්පයෙහිත්,වඩු ශිල්පයෙහි එකසේ ප්‍රවීණ වූ දේවේන්ද්‍ර මූලාචාරි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමයෙහි මහනුවර මඟුල් මඩුව හා පත්තිරිප්පුව නිර්මාණය කල නිසා ඉමහත් කීර්තියට පාත්‍ර වූ කෙනෙකි.දේවේන්ද්‍ර මූලාචාරී තැනගේ වතගොත ගැන විපරම් කර බැලීමෙන් එකල ශිල්පීන් ක්‍රියා කළ ආකාරයද,ඔවුන් ගම් හා පවුල් වෙත බැඳි සිටි ආකාරයද දැන ගත හැකිය.
දේවේන්ද්‍ර ශිලිපීන් විසින් නිමවු කර්ය භාර්යය විශිෂිඨ වූ නිසා ඔහුට රජතුමා විසින් උසස්ම සම්මනය වශයෙන් එකල ගැනුණු රන් පට තහඩුව ප්‍රදානය කරන ලදී.මූලාචාරී නම් ප්‍රධාන නිලධූරය ඔහුට පවරා දී රජවාසල සමීපව අරන්තන නම් ගමෙහි පදිංචි කරවා ඇලිදෙනියෙන් ශිඔලිපී පවුලක කාන්තාඅක් සමග විවාහ වීමට පහසුකම් සලසා දෙන ලදී.දේවනාරාඅයන හා නාරායන යන නම් දෙකම පරම්පරාගත ශිල්පීන්ගේ දිව‍යමය ප්‍රභවය සිහි කරවන්නකි.මේ නම් ශිල්පීන් සමග පමණක් නොව පරම්පාගතව පැවත එන ඥති පවුල් සමසඳහා ඇම්බැක්කේ,අරන්තන යන උඩරට පෙදෙස්වල ද ගාල්ල,මාතර වැනි පහතරට පළාත්වලද දිගුකලක් භාවිත වී ඇති බව ඒ නම් දරණ පවුල් වලින් අනාවරණය වේ.

යකඩ වැඩ ,රන් රිදී වැඩ සම්බන්ධ කර්මාන්තයන්හි යෙදෙන ශිල්පීන් ආචාරී(ගුරු ශිල්පියා යන අරුත් ඇති) න්මින් හඳුන්වන ලදී.14 වන සියවසෙහි කෝට්ටේ රාජධානියෙහි රජකළ භුවනෙකබාහු රජ සමයේ ලංකාවට පැමුණි දක්ෂ භාරතීය ශිල්පියෙකුට රජතුමා විසින් ප්‍රධානය කරන ලද නිලතල හා ගම්වර සමාග නයිදේ වැනු නිලගම් භාවිතය ප්‍රචලිත විය.ආචාරී නම්ද මෙලෙස භාරතීය ශිල්පී සම්බන්ධයෙන් ඇරඹුණු බව සිතිය හැක.

මංගල යන ගමෙහි මුලින්ම ඇරඹුණු ශිල්ප සම්ප්‍රදායද මෑත්ක් වනතුරුම ශිල්පි පරම්පරා කිහිපයක් පෝෂණය කිරීමට සමත් විය.රජවරුන්ගේ කලාකාමිත්වය,ශිල්පීන්ට දැක්වු ගරු හැගීම් හා දේශාභිමානය නිසා ඒම පරම්පරාව ආරම්භ කළ මංඩලල්ලී නයිදේ මූලික ශිල්පියාගේ සිට අප්‍රමාණ පවුල් සංඛයාවකට ජීවිත රක්ෂණයක් ලෙස ගම්වර ආදී ආර්ථික සම්පත් ප්‍රදානය කරන ලදී.එපමණක් නොව ඉන් පසුව නීලවල ගමෙහි ශිල්පීන් සමග ඇති වූ  සම්බන්ධය නිසා මංගල ගම පරපුර වඩාත් උත්කෘෂ්ඨ තත්වයට පත් කරන ලදී.නීලවල රත්නවල්ලී ආභරණ නම් ස්වර්ණාභරණ ශිල්පියා විශිෂ්ඨ ආභරණ පට්ටලේ ආචාරි කෙනෙකු වූ නිසා ඔහු මංගලගම  පැමිණීමෙන් මේ ශිල්පි පවුල් සංයෝගයෙන් ස්වර්ණාභරණ ශිල්පය රැක ගැනීමට ලැබුණු රුකුල සුලුපටු නොවේ.

මෑත කාලයක් වන තුරුම ජීවත්ව සිටි ඇත්දත් කැටයම් කරුවන් අතර රාජගුරු ඔටුනු පණ්ඩිත ස්වර්ණාතිලක ශාක්‍ය සෙනෙවිරත්න මූලාචාරීගේ අප්පු ස්වර්ණතිලක නම් විශිෂ්ඨ කලාකරුවා ඇත්දත් කැටයම් ශිල්පයෙහි විශේෂයෙන් ද චිත්‍රමර්මයෙහි ද පාරම්පරික දක්ෂකම් දැක් වූ මාවනැල්ල විසූ දුර්ලභ ගණයේ ශිල්පාචාරී කෙනෙකි.ඔහුගේ  මුල් පරම්පරාව දෙගල්දොරුවේ හා රිදී විහාරේ සිතුවම් නිපද වූ දෙවොර ගම්පොල සිල්වත් තැන උන්වහන්සේ නමින් ප්‍රකට චිත්‍රාචාරීන්ට සම්බන්ධ වී ඇත.

රන් රීදී කැටයමෙහිද,ඇත්දත් කැටයමෙහිද අතිශයින් ම නිපුණ වූ සිංහමනී පටබැදි එල්.කේ.මුදලිහාමි වර්ෂ කිහිපයකට උදදී මිය ගිය ප්‍රතිභාපූර්ණ කලාකරුවෙකි.ඔහුගේ නාමයෙහිද සඳහාන් 'පටබැදි' නම් නිල නාමය පැරණි පාරම්පරික ශිල්පීන් අතර දක්ෂතම තැනැත්තාට රජතුමා විසින් පළඳවන ලද 'නලල් පටය'විශේෂ වූවකි.


පැරණි රජසමයන්හි ගම්මාන හා පළාත් හඳුන්වනලද ආකාරයෙන් පෙනී වන්නේ විහාර මන්දිර ආදියට අවශ්‍ය කර්මාන්තවල යෙදී උසස් කලා කුසලතා දැක් වූ ශිල්පීන්ට රාජ ප්‍රසාදය හා ගෞරවය්ස් හිමි වී බවයි.සිංහාසන පට්ටලයේ වැඩ කළ ශිල්පීන්ට කොට්ටල්බද්දෙ ද,ඔටුනු පට්ටලේ වැඩ කළ ශිල්පීන් හාරිස්පත්තුවේද,ආභරණ වැඩ පට්ටලේ ශිල්පීන් මාරුකොණ ද නිවැසි සම්භාවනිය ශිල්පි කණ්ඩායම් කිහිපයක් විය.තවද ශ්‍රී දන්තධාතුවේ වැඩ සිටින පලාපෙත්ත රනින් සෑදීමේ කටයුතු පාරම්පරිකව භාරව සිටි පලාපිටියේ ශිල්පීන්ගේ ගම පාලාගම ලෙස භාවිත විය. ශිල්පීන් නිවැසි ගෘහය පවා පාලාගම ගෙදර යනු වෙන් ප්‍රසිද්ධ විය.