ශ්‍රී ලංකාව තුළ ලෝහ කර්මාන්තය ස්‌ථාපිත වීම
විජයාගමනයත් සමග ලංකාවේ කලාශිල්ප පැවැත ගෙන එයි. ඇතැම් ලේඛනවලට අනුව දකුණු ඉන්දියාවෙන් පැමිණි විශ්ව කර්ම නම් ගෝත්‍රිකයන් ලක් ආභාෂය මත උඩරට කලාශිල්ප කටයුතු ආරම්භ වී ඇත. හින්දු ජනවංශයට අයත් කර්මාන්ත සතරක් එනම් ඔටුනු පට්ටල, ආභරණ පට්ටල,සිංහාසන පට්ටල හා රන්කරු පට්ටල වේ. යුද්ධායුධ සෑදීම නාගරික අනෙකුත් කර්මාන්ත ද යටකී මෙම පට්ටල් සතරද කොට්ටල් බද්දට අයත් විය. කොට්ටල් බද්දට අයත් කර්මාන්ත විවිධ දිශාවන්හි පිහිට වුවද මෙම පට්ටල් හතරට අයත් කර්මාන්ත රාජකීය භාණ්ඩ සැදීම සඳහා රජවාසල අසල ස්ථානගත කර තිබුණි. ඒ ඒ පට්ටලයට අයත් එක අචාරී කෙනෙකු බැගින් වූ අතර මෙම සතරටම මුලිකයා වන්නේ මුලාචාර්ය වරයාය. ඔහු බ්‍රහ්ම පරම්පරාවකට අයත් වුවත් විශ්ව කර්මයාගේ මුඛයෙන් බිහි වූ බැවින් විශ්ව කර්ම තන්ත්‍රිකයන් වන බවද වේදයේ දක්වා ඇතැයි වෛජයන්ති තන්ත්‍රයේ සඳහන් වේ.
නවන්දණ්ඩ කුලය රන්, රිදී,පිත්තල යකඩ ආදී කර්මාන්තවල නියැලෙන පාරම්පරික කලා ශිල්පීන්ගෙන් යුක්ත බව ජනවංශයට අනුව පැහැදිළි වේ. උඩරට ප්‍රදේශය තුළ නවන්දණ්ඩ කුලය ඒකරාශී වී සිටින්නේ තලාගම් ආශ්‍රිතවයි. ගම්පොල හා මහනුවර රාජධානි පදනම් කරගෙන රජවාසල හා විහාර දේවාල කටයුතු සඳහා කලාකරුවන් ඒ ආශ්‍රිතව පදිංචි කරවා ඇත. මේ කළා ශිල්පී ගම්මානයන් හි කෘෂිකර්මය ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වුවද රාජකාරිය වූයේ කලාශිල්පිය කටයුතුය. විහාර ගම්, දේවාල ගම් රජු විසින් පවරන ලද ඒවා අතර ඒවායෙහි නින්ද ගම් වල කලා ශිල්පීහු පදිංචි වුහ. සීමිත ජන කොටසකට ශිල්පීය කටයුතු සිමා වීම නිසා බහුලතාවෙන් අඩු කර්මාන්තයක් වුවද පුළුල් හා උසස් වෙළඳ පොලක් උඩරට කලාශිල්පින්ට ඇත. කෙසේ වෙතත් මෙලෙස සුළු කමාන්ත පරිහානියට පත් වීමත් සමග යලි නගා සිටවිමට පියවර රැසක් ගන්නා ලදී. සංස්කෘතික වශයෙන් හා විදේශීය විනිමය උපයන භාණ්ඩයක් වශයෙන් කලාකෘති අගය වැඩිවත්ම සමාගම් හා ආයතන කර්මාන්ත රැකීමට ඉදිරිපත් විය. ඒ අනුව ජෝන් එන්. ඩික්සන් නම් මහනුවර දිසාපතිවරයා විසින් උඩරට කලා සංගමය අරඹන ලදී. 1946 දි සීමාසහිත ලංකා එක්සත් කලා ශිල්පීය සංගමය පිහිටුවන ලදී. 1951 දි හස්ත කර්මාන්තයන්ගේ සමූපකාර සමිතිය ගිරාගමදී පිහිටුවන ලදී. මීට අමතරව රජයේ අනුග්‍රහය ලත් ලක්සල වෙළඳ සංවිධානයද මහනුවර කලා සංගමයද උඩරට කලා ශිල්ප කටයුතු වලදී අත දෙන ආයතන වේ. මෙසේ කොතෙකුත් ආයතන බිහි වුවද කර්මාන්තය පරිහානියට යා නොදී රැකගත හැක්කේ කලා ශිල්පීන්ට පමණි. කෙසේ වෙතත් සතර කෝරලය,සත්කෝරළය,මාතලේ,උඩපළාත, සබරගමුවේද පැතිර පැවති කලා ශිල්පය පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන පැවැත එන අයුරු දැක ගත හැකිය. මහනුවර දිස්ත්‍රික්කයට අයත් පාරම්පරික කර්මාන්ත ගම්මාන කිහිපයක් මෙහි දැක්වේ.
- කිරිවවුල - පිත්තල වාත්තු
- ගඩලාදෙණිය - පිත්තල වාත්තු
- දන්තුරේ - පිත්තල කැටයම්
- අරත්තන - පිත්තල වාත්තු කැටයම්
- උල්දුපිටිය - රිදී පිත්තල කැටයම්
No comments:
Post a Comment