Sunday 21 July 2019

උඩරට පාරම්පරික ශිල්පි පවුල්

ලංකාවේ නොයෙකුත් පළාත්වල විසිරී ජීවත්වන ශිල්පි පවුල්වල සම්පූර්ණ ඉතිහාසයක් ලේඛනගත කිරීම කිසිසේත්ම පහසු නොවේ.සමහර අග්‍රගන්‍ය ශිල්පීන්ගෙ පසුකාලින පරම් පරා ශ්‍රේණිය පවා සොයා ගැනීම අපහසු වී ඇත.ශේෂ වී ඇති පරම්පරාවලට අයත් සමහර තරුණ තරුණියෝ පරම්පරාගත ශිල්ප වෘත්තිය අත්හැර වෙනත් රැකියාවල නිරත වී සිටිති.දැනට ශිල්පීන් වශයේ පාරම්පරික වෘත්තීන් වල නියැලී සිටින ආර්ථික පීඩාවලට මුහුණ දෙමුන් ජීවත් වෙති.පාරම්පරික තාක්ෂණ ක්‍රම පවා කෙමෙන් අභාවයට ගොස් ඇතත් පාරම්පරික අගය නිසා තම වෘත්තියටකැප වී වැඩ කටයුතු කෙසේ හෝ පවත්වා ගෙන යෑමට ඔවුහු වෙහෙසෙ වෙති.

පවුලේ අය පවුල් ප්‍රධානියා වූ ශිල්පියාට ඒ ඒ කටයුතු කිරීමට සහය වීම එදා සිටම පැවති සිරිතකි.සහයෝගයෙන් කටයුතු කිරීම ශිල්පි පවුල් බැඳී සිටීමේ ආදර්දවත් පුරුද්දකි.පිත්තල වැඩ කරන මහනුවර පළාතක ගෙදර පිරිමි ශිල්පීන් බර වැඩ කොටස කරන අතර භාර්යාව හා දියණියෝ භාණ්ඩ නිම  කිරීමේ කටයුතුවල දී සහය වෙති. මාතලේ හපුවිද ,උණවේරුව,දෙහිදෙණිය,මල්නෑව යන ගම්ව්වල අතීතයේ සිට ආවේනිකව පැවත් ඒන කර්මාන්තය වන ලාක්ෂා වැඩ,අවුඅතු සැඇදීම,කැටයම් වැඩ,නියඳ රටා විවීම අද පවුලේ සෑම  දෙනාගේම සහභාගීත්වයෙන් රැකීඉ පවතින පවුල් අත්කම් ලෙස ගැඹේ.මෙසේ මුලු පවුලේ ම සාමුහික කටයුත්තක් ලෙස ඔවුන්ට සීමා වූ පැරණි කලා ශිල්ප ඔවුන් අතරම ආරක්ෂිතව පැවතී ඇත.

ශිල්පීන් වෙනත් පළාත්වලට ගොස් වෙන ගමක කර්මාන්ත කටයුතු ඇරඹීම ද සිදු වී ඇත.උඩරට විසූ ශිල්පීන් වෙනත් පළාත්වලට ගොස් තම කර්මාන්ත පවත්වා ගෙන යැඇමට පෙළඹුනේ රජවරුන් විසින් ඔවුන්ගේ දක්ෂකම් වලා සරිලන ඉඩම්,ගවයන්,ඇතුන්,ගම්වර ආදී සම්පත් ඔවුන්ට ප්‍රධානය කළ නිසාය.කෑගල්ල.මාවනැල්ල,මහනුවර පෙදෙස්වල විසූ පට්ටල් හතරේ නිල දැරෑ ශිල්පීන් එක ගමකින් වෙන ගමකට ගොස් ඥති සම්බන්ධකම් ඇත් කරගත් බවත් ඔවුන්ගේ පෙලපත්වල ඒ ඒ කර්මාන්ත වලට විශිෂ්ඨ දක්ෂක්ම් පෑ ශිල්පීන් සිටි බවත් සන්නසි පත්‍රවල දැක්වෙන ගමේ නම,නිල නම ආදී විස්තර වලින් සාක්ෂි සැපයේ.

දකුණු පළාතෙහි හම්බන්තොට පිහිටි පුවක්දණ්ඩ නම් ගම පැරණි යේ සිට පාරම්පරික කලා  ශිල්පි පවුල් නිවැසි ප්‍රසිද්ධ ස්ථානයක් ලෙස ප්‍රකට වේ.ලෝකුරු ශිල්පීන්ගේ මූලාරම්භය එහි ඇති වූ බවට සාධක ඇත.තම පළාතෙහි වැඩ කර්මින් ආර්ථික ලාභ ප්‍රයෝජන නොලැබුණු අශ්ව කෝච්චි සෑදීමේ කටයුතුවල යෙඳුණු බව දැන ගන්නට ලැබිණි.මෙබදු ශිල්පීන් මහනුවර දක්වා ගොස් වෙළෙඳුන් සමඟ එකතු වී පෙරහැර සමයේ තම භාණ්ඩ විකුණමින් ඉන් පසුව සමහර ශිල්පීන් මහනුවර අවට පදිංචි වන්නට ඇත.

ප්‍රධාන පාරම්පරික ශිල්පි පවුල කිහිපයක් වර්තමාන ඥාතීන් සතු කලා භාණ්ඩ සන්නස් පත්‍ර පළඳනා ආදිය ද ඔවුන්ගේ නැසීගිය යටගියාව සාඩම්බර ලීලාවෙන් හෙලිදරව් කරයි.ගෘහ නිර්මාණ ශිල්පයෙහිත්,වඩු ශිල්පයෙහි එකසේ ප්‍රවීණ වූ දේවේන්ද්‍ර මූලාචාරි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමයෙහි මහනුවර මඟුල් මඩුව හා පත්තිරිප්පුව නිර්මාණය කල නිසා ඉමහත් කීර්තියට පාත්‍ර වූ කෙනෙකි.දේවේන්ද්‍ර මූලාචාරී තැනගේ වතගොත ගැන විපරම් කර බැලීමෙන් එකල ශිල්පීන් ක්‍රියා කළ ආකාරයද,ඔවුන් ගම් හා පවුල් වෙත බැඳි සිටි ආකාරයද දැන ගත හැකිය.
දේවේන්ද්‍ර ශිලිපීන් විසින් නිමවු කර්ය භාර්යය විශිෂිඨ වූ නිසා ඔහුට රජතුමා විසින් උසස්ම සම්මනය වශයෙන් එකල ගැනුණු රන් පට තහඩුව ප්‍රදානය කරන ලදී.මූලාචාරී නම් ප්‍රධාන නිලධූරය ඔහුට පවරා දී රජවාසල සමීපව අරන්තන නම් ගමෙහි පදිංචි කරවා ඇලිදෙනියෙන් ශිඔලිපී පවුලක කාන්තාඅක් සමග විවාහ වීමට පහසුකම් සලසා දෙන ලදී.දේවනාරාඅයන හා නාරායන යන නම් දෙකම පරම්පරාගත ශිල්පීන්ගේ දිව‍යමය ප්‍රභවය සිහි කරවන්නකි.මේ නම් ශිල්පීන් සමග පමණක් නොව පරම්පාගතව පැවත එන ඥති පවුල් සමසඳහා ඇම්බැක්කේ,අරන්තන යන උඩරට පෙදෙස්වල ද ගාල්ල,මාතර වැනි පහතරට පළාත්වලද දිගුකලක් භාවිත වී ඇති බව ඒ නම් දරණ පවුල් වලින් අනාවරණය වේ.

යකඩ වැඩ ,රන් රිදී වැඩ සම්බන්ධ කර්මාන්තයන්හි යෙදෙන ශිල්පීන් ආචාරී(ගුරු ශිල්පියා යන අරුත් ඇති) න්මින් හඳුන්වන ලදී.14 වන සියවසෙහි කෝට්ටේ රාජධානියෙහි රජකළ භුවනෙකබාහු රජ සමයේ ලංකාවට පැමුණි දක්ෂ භාරතීය ශිල්පියෙකුට රජතුමා විසින් ප්‍රධානය කරන ලද නිලතල හා ගම්වර සමාග නයිදේ වැනු නිලගම් භාවිතය ප්‍රචලිත විය.ආචාරී නම්ද මෙලෙස භාරතීය ශිල්පී සම්බන්ධයෙන් ඇරඹුණු බව සිතිය හැක.

මංගල යන ගමෙහි මුලින්ම ඇරඹුණු ශිල්ප සම්ප්‍රදායද මෑත්ක් වනතුරුම ශිල්පි පරම්පරා කිහිපයක් පෝෂණය කිරීමට සමත් විය.රජවරුන්ගේ කලාකාමිත්වය,ශිල්පීන්ට දැක්වු ගරු හැගීම් හා දේශාභිමානය නිසා ඒම පරම්පරාව ආරම්භ කළ මංඩලල්ලී නයිදේ මූලික ශිල්පියාගේ සිට අප්‍රමාණ පවුල් සංඛයාවකට ජීවිත රක්ෂණයක් ලෙස ගම්වර ආදී ආර්ථික සම්පත් ප්‍රදානය කරන ලදී.එපමණක් නොව ඉන් පසුව නීලවල ගමෙහි ශිල්පීන් සමග ඇති වූ  සම්බන්ධය නිසා මංගල ගම පරපුර වඩාත් උත්කෘෂ්ඨ තත්වයට පත් කරන ලදී.නීලවල රත්නවල්ලී ආභරණ නම් ස්වර්ණාභරණ ශිල්පියා විශිෂ්ඨ ආභරණ පට්ටලේ ආචාරි කෙනෙකු වූ නිසා ඔහු මංගලගම  පැමිණීමෙන් මේ ශිල්පි පවුල් සංයෝගයෙන් ස්වර්ණාභරණ ශිල්පය රැක ගැනීමට ලැබුණු රුකුල සුලුපටු නොවේ.

මෑත කාලයක් වන තුරුම ජීවත්ව සිටි ඇත්දත් කැටයම් කරුවන් අතර රාජගුරු ඔටුනු පණ්ඩිත ස්වර්ණාතිලක ශාක්‍ය සෙනෙවිරත්න මූලාචාරීගේ අප්පු ස්වර්ණතිලක නම් විශිෂ්ඨ කලාකරුවා ඇත්දත් කැටයම් ශිල්පයෙහි විශේෂයෙන් ද චිත්‍රමර්මයෙහි ද පාරම්පරික දක්ෂකම් දැක් වූ මාවනැල්ල විසූ දුර්ලභ ගණයේ ශිල්පාචාරී කෙනෙකි.ඔහුගේ  මුල් පරම්පරාව දෙගල්දොරුවේ හා රිදී විහාරේ සිතුවම් නිපද වූ දෙවොර ගම්පොල සිල්වත් තැන උන්වහන්සේ නමින් ප්‍රකට චිත්‍රාචාරීන්ට සම්බන්ධ වී ඇත.

රන් රීදී කැටයමෙහිද,ඇත්දත් කැටයමෙහිද අතිශයින් ම නිපුණ වූ සිංහමනී පටබැදි එල්.කේ.මුදලිහාමි වර්ෂ කිහිපයකට උදදී මිය ගිය ප්‍රතිභාපූර්ණ කලාකරුවෙකි.ඔහුගේ නාමයෙහිද සඳහාන් 'පටබැදි' නම් නිල නාමය පැරණි පාරම්පරික ශිල්පීන් අතර දක්ෂතම තැනැත්තාට රජතුමා විසින් පළඳවන ලද 'නලල් පටය'විශේෂ වූවකි.


පැරණි රජසමයන්හි ගම්මාන හා පළාත් හඳුන්වනලද ආකාරයෙන් පෙනී වන්නේ විහාර මන්දිර ආදියට අවශ්‍ය කර්මාන්තවල යෙදී උසස් කලා කුසලතා දැක් වූ ශිල්පීන්ට රාජ ප්‍රසාදය හා ගෞරවය්ස් හිමි වී බවයි.සිංහාසන පට්ටලයේ වැඩ කළ ශිල්පීන්ට කොට්ටල්බද්දෙ ද,ඔටුනු පට්ටලේ වැඩ කළ ශිල්පීන් හාරිස්පත්තුවේද,ආභරණ වැඩ පට්ටලේ ශිල්පීන් මාරුකොණ ද නිවැසි සම්භාවනිය ශිල්පි කණ්ඩායම් කිහිපයක් විය.තවද ශ්‍රී දන්තධාතුවේ වැඩ සිටින පලාපෙත්ත රනින් සෑදීමේ කටයුතු පාරම්පරිකව භාරව සිටි පලාපිටියේ ශිල්පීන්ගේ ගම පාලාගම ලෙස භාවිත විය. ශිල්පීන් නිවැසි ගෘහය පවා පාලාගම ගෙදර යනු වෙන් ප්‍රසිද්ධ විය.

No comments:

Post a Comment