Monday 22 July 2019

පිත්තල වැඩ

1. පිත්තල තහඩු කැටයම් කර්මාන්තය


2. පිත්තල වාත්තු කැටයම් කර්මාන්තය



තලන වැඩ හෙවත් තහඩු කර්මාන්තය





මේ සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය වනුයේ පිත්තල තහඩුය. එම තහඩු රැගෙන තමන් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තුවන භාණ්ඩයේ ආකෘතිය සකස්කර ගනී. එම ආකෘතියට අනුව තහඩුව කපා ඒ අනුව භාණ්ඩය නිෂ්පාදනය කරනු ලැබේ. එලෙස නිෂ්පාදනය කරන ලද භාණ්ඩයේ කොටස් සම්බන්ධ කරගන්නා ආකාර කිහිපයකි. ඇතැම්  භාණ්ඩවල එකට සවිකල යුතු කැබලි දෙක එකට නවා තලා ගැනීමෙන් භාණ්ඩය සකස් කර ගනී. තහඩු කාර්මිකයන් එය රිවට් කිරීම ලෙස හදුන්වයි. එසේම මේ සඳහා උපයෝගී කර ගන්නා  තවත් ක්‍රමයක් නම් වෑල්ඩින් ක්‍රමය වර්තමානයේ ඒ සඳහා බොහෝ ශිල්පීහු නවීන ක්‍රම හා උපකරණ යොදා ගනී.

වෑල්ඩින් කිරීම සඳහා යොදා ගන්නා  පිත්තල ද්‍රව්‍යයන් ඒ සඳහා ඔක්සිජන් වායුව මගින් ක්‍රියා කරන ලාම්පු උපයෝගී කරගනි. සම්ප්‍රධායික ක්‍රමයට අනුව ඒ සඳහා යොදා ගන්නේ පොල්කටු අඟුරුය. මෙසේ භාණ්ඩ රත් කිරීමෙන් පසුව බවුත් නම් උපකරණය මගින් පිත්තල කැබැල්ලක් යොදා එකට සම්බන්ධ කර ගනී. මෙසේ නිර්මාණය කරගන්න භාණ්ඩ දේශීය කැටයම් කලාවට අනුව කැටයම් කර ගනී. ඒවා ලියපොත, ගල්බිංදුව,අන්නාසි මල,හන්ස පූට්ටුව සඳකඩ පහණ  වැනි මෝස්‌තර වලින් කැටයම් කලාව පිළිබඳව ලෝක ප්‍රසිද්ධියක් මෙම ප්‍රදේශ වලට ලැබී ඇත. ඓතිහාසික ඇම්බැක්ක දේවාලයේ කැටයම් කලාව අප රටේ විශිෂ්ට නිර්මාණ අතුරින් එකකි. කැටයම් කලාවේ ආදී කලා නිර්මාණයන් පිළිබඳව ශ්‍රී ලංකාව දක්වන්නේ අති  විශිෂ්ට දක්ෂතාවකි. ඒ නිසා පිත්තල භාණ්ඩ නිෂ්පාදකයින් කාර්මික ක්ෂේත්‍රයේ මෙන්ම කලා ක්ෂේත්‍රයේ ද දක්වන්නේ ඉතා ලැදි කමක්  සහ දක්ෂතාවකි. මෙලෙස නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ වෙළඳ පොලේ සුලභව දක්නට ලැබේ. බන්දේසි මුහුණත් තහඩු, කිල්ලෝට, හෙප්පු,ඉර හඳ කෙටූ  බිත්ති සැරසිලි විදුලි  ලාම්පු  ආදිය විශේෂිතය. මෙවැනි භාණ්ඩ කැටයම් කිරීමේදී භාවිත කරන ක්‍රම දෙකකි.

1. භාණ්ඩ විනිවිද පෙනෙන ලෙස කැටයම් කොටස ඉවත් කල ක්‍රමය
2. භාණ්ඩ සිදුරු නොවන සේ කැටයම් දීම

විනිවිද පෙනෙන  ලෙස කැටයම් කරන ලද භාණ්ඩ අතර විදුලි ලාම්පු ආවරණ සහ විසිත්ත කාමර අලංකරණ බිත්ති සැරසිලි ආදී විවිධ භාණ්ඩ වර්ග වර්තමානයේදී දැකිය හැකිය. සිදුරු නොවන අයුරින් කැටයම් පමණක් නෙලන ලද භාණ්ඩ අතර බන්දේසි, ඉර හඳ කෙටූ  බිත්ති සැරසිලි, කුසලාන, පැරණි හෙප්පු සහ කිල්ලෝට වැනි භාණ්ඩ වේ. මෙම ක්‍රම දෙකම පදනම් කරගෙන කැටයම් කරන ලද භාණ්ඩ ඔප දැමීමෙන් විසිතුරු භාණ්ඩ බවට පත් කර ගනී.  අලෙවිය සඳහා භාණ්ඩ නිකුත් කරනු ලබන්නේ මෙලෙස ඔප දැමීමෙන් අනතුරුවය. උඩු නුවර ප්‍රදේශයේ පිත්තල තහඩු කර්මාන්තයේදී යෙදෙන්නේ සුළු පිරිසකි.


වාත්තු කර්මාන්තය




වාත්තු කිරීම කරනුයේ, වාත්තු කර්මයේ දක්ෂ වැඩ කරුවන් විසිනි. එමෙන්ම, මිටියෙන් තලා භාණ්ඩ නිපදවීම හා කැටයම් කෙටීම වානේ කර්මාන්තයේ නිපුණතාවයකින් යුත් කැටයම් කරුවන් විසින් කරනු ලැබීය. පිත්තල මගින් නිර්මාණය කර ගන්නා ලද භාණ්ඩ රැසක් අපට දැක ගත හැකි වේ. දොර අඟුල්, සරනේරු සහ යතුරු කැරැලි ආදී කුඩා උපකරණ වල සිට බන්දේසි, පහන්, ගිර, හුණු කිල්ලෝට ආදී භාණ්ඩ දක්වා සෑම භාණ්ඩයකම පාහේ සංකීර්ණ විවිධ හැඩයන් සහ මෝස්තර නෙළා ඇත. දුම්කොළ හෙප්පු සහ බුලත් හෙප්පු ආදිය තඹ සහ රිදියෙන් කැටයම් කර තිබේ. බොහෝ විට මෙම භාණ්ඩ කැටයම් කර තිබෙන්නේ සාම්ප්‍රදායික මෝස්තර වලිනි.
පිත්තල භාණ්ඩ නිෂ්පාදකයින් බහුලව යොදා ගන්නේ වාත්තු ක්‍රමයයි. වාත්තු ක්‍රමය බහුලව යොදා ගැනීමට හේතු වූ කරුණු

1. වාත්තු ක්‍රමය මගින් සීමා රහිත භාණ්ඩ ප්‍රමාණයක් නිෂ්පාදනය

2. වාත්තු භාණ්ඩ සඳහා අධික ඉල්ලුම

3. තහඩු කර්මාන්තයට  සම්බන්ධ ශිල්පීන් සීමා සහිත වීම

4. වාත්තු වැඩපල ශිල්ප ක්‍රම කිහිපයක් තිබෙන බැවින් ඉන් එකකට හෝ යොමු වීමට හැකියාව පැවතීම.

5. වාත්තු වැඩ සඳහා නවීන උපකරණ යොදා ගැනීමට හැකි වීම.

         වාත්තු ක්‍රම 

  • පස් වාත්තුව 
  • ඉටි වාත්තුව 
  • ඩයි වාත්තුව


No comments:

Post a Comment