Tuesday 9 July 2019


ශ්‍රී ලංකාවේ පාරම්පරික කලා ශිල්පයන්හි පසුබිම 02


ශ්‍රී ලංකාවේ කුල ක්‍රමයද වෘත්තීය පදනමක් මත බිහි වූ බව උගතුන්ගේ මතයයි. ඒ අනුව කුල ක්‍රමය වෘත්තීය පදනමක්මත බිහි වුවක් බව නිගමනය කරයි.

කුල ක්‍රමය පිළිබඳ කතා කරන එඩ්මන්ඩ් ලීච් 1967 සිය what is cast යන ලිපියේ කුලය යනු ඔහුගේ දෘෂ්ටියට අනුව ව්‍යුහාත්මක සංවිධානයේ සුවිශේෂ ජන වර්ගයක් වන අතර එය සර්ව ඉන්දියානු ශිෂ්ටාචාරය හා බැඳී පවතී යනුවෙන් දක්වා ඇත. මේ අනුව ඉන්දීය සංස්කෘතිය ප්‍රචාරය වූ රටවල දැකිය හැකි විශේෂ වර්ගයක ව්‍යුහාත්මක සංවිධානයක් ලෙස ඔහු කුල ක්‍රමය හඳුන්වයි. ශ්‍රී ලංකාවේ කුල ක්‍රමය පිළිබඳ කතා කරන බහිස්  රයන්  අදහස් දක්වන්නේ එය වෘත්තීය පදනමක් මත බිහි වුවක් බවයි. ඔහුට අනුව සමහර කුලයන් සිංහල සමාජයේ ඇතිවූ සමාජීය  ආර්ථික වෙනස්කම් නිසා බිහි වුවක් බවත් තවත් බොහෝ කුල වෘත්තීයපදනමක් මත හා චාරිත්‍රයක් අනුව ඇති වූ බවත් දක්වයි. මේ අනුව පෙනී යන්නේ කුලයන්ට අනුව රැකියාවද නියම වී ඇති  බවයි.  එක එක කුලයට හිමි වෘත්තීයේ නියැලීම තවමත් ශ්‍රී ලංකාවේ සම පළාතකම වගේ දැකිය හැකිය.

පන්ති ක්‍රමය හා කුල ක්‍රමය සමාජයේ පැතිරී තිබෙන ආකාරය කාලිංග ටියුඩර් මෙසේ දක්වා ඇත.
''පන්ති ක්‍රමය'' සමස්ත සමාජය පුරා පැතිරෙන සාර්ව මට්ටමේ Marco level ස්තරයන ක්‍රමයකි. අනෙක් ඇතට කුල ක්‍රමය ක්‍රියාත්මක වන්නේ ගම් මට්ටමේ සහ ප්‍රාදේශීය වශයෙනි. ඒ ඒ ප්‍රදේශ වල ඇති කුල සංඛ්‍යාව සහ ඒවායේ කාර්යයන් විවිධ විය හැකිය.” සමාජ ස්තරණය විශ්වයේම දැකිය හැකි දෙයකි. නුතන සමාජ විද්‍යාඥයන් විසින් මෙම සංකල්පය විමර්ශනාත්මකව අධ්‍යනයට ලක් කොට තිබේ. සමාජ ස්තරායනය පිළිබඳ වඩාත් පුළුල් හා සවිස්තරාත්මක සංකල්පික රාමුව ඉදිරිපත් කළ   විද්‍යාඥයා වන්නේ මැක්ස් වේබර් ය. ඔහු 1961 මෙම සංකල්පය බහු පාර්ශවීය දිශානතියක් තුළින් විවරණය කරයි. වේබර්ට අනුව ආර්ථික පර්යාය මගින් බලය හෙවත් පක්ෂය යන්නෙන් ජනිත වේ. මෙම පර්යාය තුන සමාජ ස්තරායනයේ නාමයන් මතු වේ. මෙම පර්යාය තුන එකිනෙකට ස්වාධින වේ. මේවා එකිනෙක මත නොවැටුනත් එකිනෙක අතර අන්තර්  සම්බන්ධතාවක් ඇත. වේබර්ගේ අර්ථ කථනයෙන් තත්ත්ව සමුහයක උච්චතම අවස්ථාව කුලක්‍රමය මගින් නිරුපණය වේ. විවිධ කුල වල අයත් පිරිස් පැහැදිළි සීමාවන් මගින් වෙන් කෙරෙන අන්තර් කුල සම්බන්ධතාව දැඩි නීති පොදුවේ පිළිගත් සම්ප්‍රදායන් මගින් පාලනය වේ.
කුල ක්‍රමය යටතට ගන්නේ කුලයන් ධුරාවලි ගතව පවතින අතර ඒවා අතර ඇතිවන වෙනස්කම් සමාජ ගරුත්වය අතින් පවතින විෂමතා මතුකොට පෙන්වයි. මෙම විෂමතාව ඒ කුල වලට අවේණික ජිවන ශෛලීන් මගින් පිළිබිඹු කරන අතර ජිවන ශෛලියට අයත් ඇතැම් ගුණාංග විවිධ ක්‍රමෝපායන් මගින් ඒකාධිකාරී ලෙස රැකගැනීම විශේෂයෙන් ඉහළ කුලයන් සම්බන්ධයෙන් දැකගත හැකිය. මේවා කුල වරප්‍රසාදයන් ලෙස මුල් බැස  ගෙන තිබෙනු දැකිය හැකිය. මෙහි ප්‍රතිඵලයන් වන්නේ  විවිධ කුල වලට අයත් ජීවන ශිලින් නිදහසේ වැළඳ ගැනීම කුල සමාජයන් තුළ දක්නට නොමැති වීමයි.


No comments:

Post a Comment