ශිල්පී ගම්වල ආරම්භය
මුල් අවධියේ සිට විවිධ කලා ශිල්ප ප්‍රභේද අනුව ඒවා පුරුදු පුහුණු කළ ශිල්පීන් හා කලාලරුවන් උස් පහත් යයි සම්මත කරගෙන සිටි වෘත්තීන්ට අයත් කාර්මිකයල් ලෙස බෙදා හඳුන්වන ලදී.ඒ බෙදීම අනුව කුලභේදයයක්ද උද විය.මේ අයුරින් පැවැති ලංකාවේ පැරණි ශිල්පී සමාජය මධ්‍යකාලීන යුගයේදී 'උඩරට ,පහතරට' වශයෙන් තවත් බෙදීමකට හසුවිය.මෙයට හේතුව භූගෝලීය වශයෙන් උඩරට හා පහතරට පෙදෙස්වල වාසය කරන ශිල්පීන් දෙකොටස වෙන් වශයෙන් හඳුන්වා දීමෙන් උඩරට ශිල්පීන් කඳුකර පළාත්වල විසූ උසස් ගණයේ ශිල්පීන් ලෙසද පහතරට දකුණු පළාතෙහි විසූ ශිල්පීන් එතරම් උසස් නොවන ශිල්පීන් සමුහයක් ලෙස භේදයක් පෙන්වීමට තැත්කරන ලද බව සමහර විවේචකයන්ගේ මතයයි.නමුත් මෙම ආකල්පය සාධාරණ යයි සිතිය නොහැකිය.
උඩරට ශිල්පීන් විදේශික ගහණයට හසුවීම නිසා සිදු වූවකි.එය එසේ නම් උඩරට කලා පරිණාමයෙහි පවා දකුණු භාරතීය බලපෑම්ම්වලින් සම්පූර්ණයෙන් මිදී සිටීමට නොමැතිවීමද දැකිය හැකිවේ.ලංකා ඉතිහාසයේ මුල් යුගවල සිට හැඩගැසී වැඩුණු පොදු ජාතික ශිල්ප කලා උරුමය භූගෝලීය වෙනස්කම් සහිත පෙදෙස්වල ජීවත් වෙමින්ම ශිල්පීහු උඩ පහත රට භේදය නොසලකා රැක ගත්හ.උඩරට පහතරට අතර භේදය විග්‍රහ කොට දක්වන ආනන්ද කුමාරස්සාමි මහතා මෙසේ එය පැහදිලි කොට දක්වයි.
මේ කාල පරිච්ජේදයේ සිට (පෘතුගීසි ආක්‍රමණිකයන්ගේ පැමිණීමෙන් පසු)එකම මිනිස් ප්‍රජාව,(කන්ද)උඩරට හා පහතරට වශයෙන් බෙදාදැක්වීම ඇරඹිණි.කොළඹ හා මුහුදුකර පළාත්වල විසූ සිංහලයේ සාමයෙන් කටයුතු වැළඳ ගෙන ජීවත් වූහ.ඕලන්ද ආක්‍රමණිකයන්ගේ සමයේද මෙම ක්‍රියා පිළිවෙත්පවත්වාගෙන යන ලදී.නමුත් කඳුකර අභ්‍යන්ත්‍ර පළාත් වල විසී බහුතර සිංහල ජනතාව අවුරුදු ඩෙසීයක් පමණ පෘතුගීසින්ගේ පැමිණීමෙන් පසු සතුරාට යටත් නොවී තම සෛවරීභාවය රැක ගත්තේය. එය ඵලදායී විය.දක්ෂ ශිල්පීන් අත්කම් නිර්මාණද ජාතික දිවියේ ප්‍රමාණවත් සලකුණු ද ඔවුන් විසින් ප්‍රවේශම් කරගැනීම නිසා සිංහලයන්ගේ ජන ජීවිතයද එයට ආවේනික වී චරිත ලක්ෂණ දිගු කලක් බටහිර බලපෑම්වලට ගොදුරු වූ පහතරට දිස්ත්‍රික්කවලින් හෙලි පෙහෙලි කර ගැනීම දුෂ්කර වී ඇත.
ශිල්පීන් අතර උස් පහත් භේදය කිසිසේත් බලපා නොමැති බව පාරම්පරික ශිල්ප පවත්වාගෙන ජිවත් වූ ශිල්ප ගම් ද පැවතුණි.උඩරට මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කවල ද පහතරට කළුතර,ගාල්ල,මාතර හා ඒ අවට මුහුදු තීරයේද පුහුටා ඇති ගම් රාශියක ම ශිල්ප පවුල් පාරම්පරික ශිල්පවලින් යැපෙති.අදවනතුරු ගම්වලට ආවේණික වූ කලා ශිල්ප රැකීපවතීම නිසා ඒ ඒ ගම් ඒ ඒ ශිල්පවලට නිතැතින්ම සම්බන්ධ වී ප්‍රසිදිධ වී ඇත.
No comments:
Post a Comment