පිත්තල කර්මාන්තයේ ආරම්භය
පිත්තල කර්මාන්තය වූ කලි ලෝහ කර්මාන්තය ආශ්‍රයෙන් ගොඩ නැගුණු වෙනත් කර්මාන්තයකි.මානව පරිණාමයත් සමගම ලෝහ කර්මාන්තයේ විකාශනය පිළිබඳව විවිධ පර්යේෂකයෝ තොරතුරු සොයා ගත්හ.
මානව ශිෂ්ටාචාරයේ වර්ධනයත් සමගම ලෝහ කර්මාන්තය පහළ විය. ලැබී ඇති සාක්‍ෂි වලට අනුව අතීතයේ මිනිසා යම් පමණින් හෝ ලෝහ කර්මාන්තය සම්බන්ධයෙන් දැන සිට තිබේ. අප්‍රිකානු ජනයා තඹ වලින් දක්‍ෂ ලෙස වැඩ කිරීමට දැන සිටියහ. ලෝකඩ ප්‍රතිමා තනන්නට ඊජිප්තු ජනයෝ දැන සිටියහ. ඉන්දු නිම්නයේ ලෝකඩ හා රිදියෙන් පිළිම තනන ලදී. හොවැන්හෝ මිටියාවතේ තඹ, ඊයම්,ලෝකඩ හා රන් යන ලෝහ වර්ගයන්ගෙන් විසිතුරු භාණ්ඩ හා ප්‍රතිමා තනන ලදී. මේ සියල්ල මානව ශිෂ්ටාචාරයේ ආරම්භයත් සමග සිදු වූ හාස්කම් ලෙස සැලකිය හැකිය.
යකඩ පිළිබඳ දැනුම භාරතයේ ඇති පුරාතන යුගයට අයත්ය රන්,රිදී,යකඩ,ඊයම්,තඹ සහ බෙලෙක් යන ලෝහ වර්ග ගැන වෛදික සමයෙහිද දැන සිටියෙන් වෛදික සාහිත්‍යයෙහි සඳහන් වෙයි. මෙගස්තිනිස් මීට පසු යුගයකදී මේ ලෝහ පැවති බව සඳහන් කරමින් මේ ලෝහ “ප්‍රොයෝජනය සහ අලංකාරය සඳහා වූ භාණ්ඩ මෙන්ම මෙවලම් හා යුද්ධෝපකරණ ද සැදීම සඳහා භාවිත කරන ලදැයි.” යි කියයි. යකඩ සැදීමෙහි හා එයින් භාණ්ඩ තැනීමේ ද වානේ සෑදීමෙහි හා පණ පෙවීමෙහිද දක්ෂතාවක් පුරාණ හින්දූන් තුළ පැවති බවට බොහෝ සාක්ෂි තිබේ. භාරතීය වානේ ඇති පුරාණයේ පටන් ප්‍රසිද්ධියට ටෝලදෝ තල ප්‍රසිද්ධියට පත් වීමෙන් පවා තම ශ්‍රේෂ්ටත්ව රැක ගත දමස්කයේ තල ඇත්ත වශයෙන් භාරතීය යකඩෙන් නිමවන ලද්දේය. සේනාධිපති යූල් විසින් ඔප්පු කරන ලද පරිදි මාර්කෝ පෝලෝගේ චාරිකා විස්තරයෙහි එන ඔන්ඩනික් යන්නෙන් මුලදී අබිමත වුයේ භාරතීය වානේය. ඒ වචනය භාරතීය වානේ යන අර්ථවත් පර්සියානු හුන්ඩවානි යන්නේහි විකෘතියකි. මේ වචනයම ස්පාඤ්ඤයට පැමිණියේ අල්හින්ඩ් සහ අල්ෆ්රින්ඩ් යන හැඩහුරුකමිනි. මුලදී එහි අර්ථය වුයේ වානේ යනුයි. පසුව වානේ කැඩපත යනුද අවසාන වශයෙන් වීදුරු කැඩපතක තුනී ලෝහ කොලය යනුද එහි අර්ථය විය. මාර්කෝ පොලෝ සඳහන් කරන කර්මාන්ත ඔන්ඩනික් යන්නට ඒ නම යෙදුනේ එහි ශ්‍රේෂ්ටත්වය නිසාය. තවද පසලොස්වෙනි හා සොලොස්වෙනි සියවස් වලදී තුර්කින් විසින් කිර්මාන් කදු බෙහෙවින් ප්‍රර්ථනා කරන ලද්දේය. ඔව්හු ඒ සඳහා අධික මිල ගෙවූහ. භාරතීය වානේ අබිසිමියන් වරාය වලට ගෙන් වූ බව අරියන් කියයි. මෙතෙක් ශේෂව පවත්නා ග්‍රීක ග්‍රන්ථ අතර භාරතීය වානේ පණ පෙවීම පිළිබඳ ග්‍රන්ථයක් වේ යයි සැල්මසින්ස් සඳහන් කරයි.
භාරතයේ ශේෂව පවත්නා ස්මාරකයන් අතුරෙන් ඇති ශ්‍රේෂ්ටත්වය හිමි වන්නේ දිල්ලියේ පිහිටි චන්ද්‍රගුප්තයන් ගේ නිර්මිත යකඩ කුළුනටයි. එය ටොන් දහයක් බරය. සවුරුදු එක්දහස් පන්සියයක් පැරණිය.මේ කුලුන සම්බන්ධයෙන් පර්ගියුසන් මෙසේ කියයි. “යුරෝපයෙහි වුව බොහෝ පසු යුගයක තැනුවා වූද මෙකල පවා කලාතුරකින් තනන්නා වුවද යකඩ කුලුණකට වඩා විශාල යකඩ කුළුණක් තැනිමෙහිලා හින්දුන් තුළ ඒ (පුරාණ ) කාලයේ පැවති දක්ෂ භාවය දැකීමෙන් අප විස්මයට පත් වන්නේ මෙබන්දක් බලාපොරොත්තු නොවූ බැවිනි. . . තුදුස් සියස් වසක් සුළඟට හා වැස්සට මුහුණ දෙමින් පැවති මෙය මලකඩ නොබැඳි පැවැත්ම එපමණම පුදුම සහගතය.” තුදුස් සිය වසකට පෙර එය පිහිටුවන ලද කාලයෙහි මෙන්ම එහි කුළුණු හිස හා ලියවිල්ල තවමත් පැහැදිලිවත් මනහරවත් පවතී. පුරියෙහි විශාල යකඩ බාල්ක සොම්නාලියෙහි සැරසිලි වාසල් දොරටු සහ නර්වර්හි පිහිටි අඩි විසිහතරක් දිග යකඩ තුවක්කු වැනි හින්දුන්ගේ ලෝහ කර්මාන්තය පිළිබඳ සුරත්වයට දෙස් කියන තවත් ස්මාරකයන් ඇත්තේය.
ආනන්ද කුමාරස්වාමි මහතා ‘ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ කලාශිල්ප’ යන ග්‍රන්ථයෙන් දක්වන අන්දමට වෛදික යුගයේ ජිවත් වූ ඉන්දීය ජනයා නොයෙකුත් විසිතුරු භාණ්ඩ නිපද වූ බැවින් ලෝහ විද්‍යාව පිළිබඳව ඉන්දීය දැනුම පෘථුල හා ඉතා පැරණි බව කිව හැකිය. අතිවිශිෂ්ට වානේ කැටයම් තාන්ජෝරය දකුණු ඉන්දීය අනෙක් ප්‍රදේශ වල සම්පුර්ණව තිබිණි. නමුත් වර්තමානයේදී දක්නට නොලැබෙන තත්වයට පත්ව ඇත. රජපුතනාවේ යුද්ධ ආයුධ තනන්නන් තවමත් එම කාර්යයෙහි නියැලෙන බව සඳහන් වේ.
No comments:
Post a Comment