Tuesday 9 July 2019


ශ්‍රී ලංකාවේ පාරම්පරික කලා ශිල්පයන්හි පසුබිම 03



කුලය පිළිබඳ මානව විද්‍යාත්මක පර්යේෂණයන් හි ඒ.එල් ක්‍රෝබර් නම් මානව විද්‍යාඥයා කුලය දකින අකාරය ලංකාවේ කුල ක්‍රමය හා එහි වර්තමාන ස්වභාවය සමාජ විද්‍යාත්මක විමසුමක් යන ලිපියේ මෙසේ සඳහන්  වේ.
“කුලය යනු මානව සමුහයක උසස් හෝ පහත්  හෝ සමාජීය වශයෙන් වැදගත් යයිද ඒ ඒ උප ශාඛාවන්ට අනුව සලකා බලමින් අන්තර් ජන්මය වශයෙන් හා පාරම්පරික ධුරාවලි ක්‍රමයට ඔවුනොවුන්ගේ තත්ත්වය දැරිමයි. මෙතුළින් කුල ක්‍රමය හා සම්බන්ධ ලක්ෂණ ගණනාවක් හෙළිදරවි වේ.  උසස් පහත්  වශයෙන් සමාජය බෙදී පැවතීම කුලය මුල් කොට සිදුවේ.
ප්‍රකට මානව විද්‍යාඥයෙකු වූ J.H .Hut-ten ඉන්දීය කුලක්‍රමය ආශ්‍රයෙන් කුල ක්‍රමය සතු මුලික ලක්ෂණ කිහිපයක් සඳහන් කරන ලදී.
1. කුලය වනාහි අන්තර් ජන්‍ය දෙයකි.
2. විවිධ කුලයන්ට අයත් සාමාජිකයන් අතර යම් යම් සීමාවන් පවතී.
3. කුලය ධුරාවලියක් දනවන තත්ත්ව සමුහයකි.
4. විවිධ සන්දර්භයන්හි විශේෂ ආකාර ලිංගික කටයුතු, චාරිත්‍ර යනාදී අයුරින් උසස් කුලයක තැනැත්තෙකු පහත්  කුලයක සාමාජිකයෙකු ස්පර්ශ කිරීමෙන් දුෂණය වීමක් සිදු වෙතැයි පිළිගැනේ.
5. කුලය සාම්ප්‍රදායික රැකියාවන් ආශ්‍රිත දෙයකි.
6. මිනිසෙකුගේ කුල තත්ත්වය අවසාන වශයෙන් නිර්ණය කරනු ලබන්නේ ඔවුන්ගේ ජන්මය මගිනි. නොඑසේනම් ඔහු තම කුලය විසින් යම් චාරිත්‍ර උල්ලංඝනයක් නිසා පලවා හරිනු ලැබූ අයෙකු විය යුතුය.
7. කුලපද්ධතිය සමස්තයක් වශයෙන් ගත විට අභිමානය කේන්ද්‍ර කරගත් පද්ධතියකි. 
හින්දු සමාජයේ කුල ක්‍රමය ජජ්මානු ක්‍රමය  අනුව සේවය ලබන්නා ජජ්මාන් හා සේවය සපයන්න කාමීන් අතර ඇති පාරම්පරික බැඳුම්,භාණ්ඩ හා සේවා හුවමාරු කිරීම මත පදනම් වූ බවට අදහස් දක්වයි. ශ්‍රී ලංකාවේ ඇතැම් කුල වෘත්තින් පමණක් තව දුරටත් කුල පදනමකින් පවතින බවට පෙනී යයි.

ශ්‍රී ලංකාවේ සිංහල වර්ගයාගේ ආරම්භය ඇති වුයේ ක්‍රි .පු. 6 වන සියවස පමණේ සිට වෙළහෙළදාම් ආදිය  සඳහා වරින් වර ඉන්දියාවෙන් පැමිණ ජනාවාස පිහිටුවා ගත ආර්යයන් ගෙනැයි යනු සාමාන්‍යයෙන් පිළිගත් මතයයි. ආර්යයන් මෙහි පදිංචියට පැමිණීමෙන් පසුවද එකල ඉන්දියාවේ පැවති  කුල ක්‍රමය අනුගමනය කරන්නට ඇති  බවට සැකයක් නැත. එබැවින් අනුරාධපුර යුගයේ මුල් කාලයේදී මෙහි පැවතුනේ ඉන්දියාවේ එකල පැවති කුල ක්‍රමයට සමාන වුවක් බව සිතිය හැකිය. ක්‍රි. පු. 6 වන සියවසේදී පමණේදී ඉන්දියානු සමාජය බ්‍රාහ්මණ,ක්ෂත්‍රිය..වෛශ්‍ය ,ශුද්‍ර යන ප්‍රධාන කුල හෙවත් වර්ණ හතරකට හා තවත් උප කුල රාශියකටද බෙදී තිබිණි. ඉහත කි පරිදි ඉන්දියානු කුල ක්‍රමය ලංකාවේ මුල් බැස  ගත්  බව පෙනෙන නමුත් කල් යාමේදී එය ඉන්දියානු ක්‍රමයට වඩා වෙනස් අයුරකින් විකාශය වී ගිය බව දැකගත හැකිය. ලංකාවේ මුල් පදිංචිකරුවන් හැඳින්වීම සඳහා ඉන්දියාවේ මෙන්  ශුද්‍ර යන වචනය යොදා ගත බවක් නොපෙනේ ඒ වෙනුවට ඔවුන් භාවිත කොට ඇත්තේ මිලක්ඛ (මිලේච්ජ් ) හෙවත් මිලක යන වචනයයි. මේ වචනය වූවද වෙනම කුලයක් වශයෙන් ස්වදේශිකයන් වෙන් කොට දැක්වීම සඳහා යොදාගත් බවක් පෙනෙන්නට නැත.  

No comments:

Post a Comment