Sunday 21 July 2019




''සිංහලයෝ ඉතා පිරිසිදු, නිර්මාණශීලී වෙත්.ඇත්දත්,පිත්තල,යකඩ හෝ දැව ද්‍රව්‍යයන්හෙන් විශේෂයෙන්ම ඕනැම මෝස්තරයක් අනුව යමක් ක්‍රමවත්ව අනුරූපව නිපදවීමට ඔවුහු සමත් සතුය.කැල්මැන්ඩර් නම් දැව වර්ගය විශේෂයෙන් මෙහිලා සඳහාන් කළ යුතුය .එහි මුල් ඉතා තද වූ ද මා දැක ඇති වෙන කිසිම දැව වර්ගයක නොදුටු ප්‍රකාර ශෝභමාන විසිතුරුකමක් ඇති වූ ද දැව විශේෂයකි.මේ දැව ගෙන ඇත්දත්,කෑස්බලෙලි හෝ කළුවර විසිතුරු ලෙස ඔබ්බාව සිත්කළු ඇඳුම් හා වැඩපෙට්ටි සාදා ගනිත්.ආභරණහා මැණික් වර්ග තොගද මෙහිදී මිලදී ලබා ගත හැකිය.වෛරෝඩි,රතුකැට,නිල්කැට,නිල්ගල්,තෝර මල්ලි හා වෙනත් විවිධ මැණික් ගල් වර්ග මේ අතර ඇත.

සිංහල අත්කම් ශිල්පීන් භාවිත කරන සුලු,සරල එහෙත් වැඩට සරිලන උපකරණ කිහිපය දකින යුරෝපීය් ශිල්පියෙකු පුදුම වනු නොඅනුමානය.''

කර්නල් ජේම්ස් කැම්බල්ගේ' EXCURSIONS,ADVENTURES AND FIELD SPORTS IN CEYLON,1843 ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී.


 
   

No comments:

Post a Comment