Monday 22 July 2019

පිත්තල කර්මාන්තයේ විකාශනය

පොළොන්නරු යුගය


වාස්තු විද්‍යාත්මක මූලාශ්‍ර වලට අනුව 06 වෙනි ශත වර්ෂයේ සිට විකසනය වෙමින් ආ යකඩ හා වානේ කර්මාන්තය 12 වෙනි ශත වර්ෂයේ පොළොන්නරු යුගය වන විට වානේ නිෂ්පාදනය දක්වා ව්‍යාප්ත විය. වානේ හා තඹ වලින් නිර්මාණය කළ,

කතුරු
ස්කැල්පල(සැත්)
අඬු සහ
ඉඳිකටු
ආදී ශල්‍ය උපකරණ සමහරක් පොළොන්නරුවේ ආලාහන පිරිවෙන් කැනීම් වලදී සහ මිහින්තලේ රෝහල් භූමිය ආශ්‍රිත කැනීම් වලින් සොයා ගෙන ඇත.

මහනුවර යුගය


මහාවංශ වාර්තා වලට අනුව මහනුවර යුගයේ සිට ලෝකඩ හා පිත්තල භාන්ඩ නිෂ්පාදනය විකසනය වූ බව දැක්වේ. පසු කාලීනව ඉන්දියානු වානේ ශිල්ප තාක්ෂණයේ බලපෑම හා ආභාසය ශ්‍රී ලංකානු වානේ කරුවන්ට ලැබිණි. පිත්තල භාණ්ඩ සහ වානේ මිශ්‍ර කර්මාන්ත වලදී ඉන්දියානු විධි ක්‍රම භාවිතා කර ඇත.දෙවන ලෝක යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය වර්ධනය වීමත් සමඟ ම පිත්තල භාණ්ඩ නිෂ්පාදනය ද වර්ධනය විය. එයට හේතු වූයේ පිත්තල සැමරුම් හා තෑගි භාණ්ඩ වලට ලැබුණු ඉහළ ඉල්ලුමයි. එම කාලයේ සැමරුම් ලෙස බහුලව භාවිතා වු පිත්තල භාණ්ඩ අතර,

පිත්තල බන්දේසි
බිත්ති ඵළක
විසිතුරු සත්ත්ව රූප
පාත්‍ර
බදුන් සහ
පෝච්චි ආදිය ප්‍රධාන විය.

No comments:

Post a Comment